1962 වර්ෂයේ විද්‍යානිකෙත පිරිවෙන යටතේ මෙමෙ පාසල පවත්වාගෙන ගොස් ඇත. එවකට D.H.P. පාඩිප්පෙරුම මහතා විදුහල්පති ධූරය හොබවා ඇත.
1962.02.07 දින නැම්මහේන ඉඩම පරීක්ෂා කර බලා පාසල ඉදිකිරීම සදහා ඉඩම වෙන්කරවාගෙන ඇත.
1965.05.09 වැනි දින මෙම පාසැල් භූමියේ ඉදිකෙරෙන නව ගොඩනගිල්ල පිහිටි භූමිය සිසුන් 145 ක් ගුරුමණ්ඩලයේ 08 දෙනෙකුගේ සහභාගීත්වයෙන් විශාල ශ්‍රමදානයක් පවත්වා ඇත.
1966.01.01 දින විද්‍යානිකෙත පිරිවෙනෙන් වෙන්ව අලුත් පාසලක් ලෙස මෙම ස්ථානයේ නව ගොඩනැගිල්ල වෙත මෙම පාසල ගෙනවිත් ඇත. මෙම මනරම් පරිසරයට පාතබා ඇත්තේ පිරිත් දේශනාවක් පැවැත්වීමෙන් අනතුරුවය.
මෙම වකවානුවේ මෙම විද්‍යාලයේ විදුහල්පති ධූරය හොබවා ඇත්තේ D.H.P. පාඩිප්පෙරුම මහතා විසිනි. එවකට ගුරු මණ්ඩලය 16 දෙනෙකුගෙන් සමන්විත වූ බවද ලොග් සටහනේ දැක්වේ. එවකට සිටි ගුරුවරුන්ගේ නම් මෙලෙස සටහන් වේ.
- H.P. පාඩිප්පෙරුම මහතා (විදුහල්පති)
- පණ්ඩිත ගතාරේ ධම්මපාල හිමි
- චන්දරතන හිමි
- Y. අබේවර්ධන මහතා
- L.T. මදනායක මහතා
- සෝමපාල මහතා
- A. සුගතදාස මහතා
- B. පියදාස මහතා
- D. සේදර මහතා
- C. පතිරණ මහතා
- ඒකනායක මහතා
- L. කුලරතන මහතා
- වෙදගේ මහතා
- ආටින් මහතා
- සිරිබද්දන මහතා
- W. වාකිෂ්ඨ මහත්මිය
|
ආරම්භ කළ වර්ෂය |
1966-01-01 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
16 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
145 |
|
මුල් ගුරුතුමාගේ නම |
D.H.P. පාඩිප්පෙරුම මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
පණ්ඩිත නාරන්දෙනියේ රතනපාල හිමි |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
මාර/සපුගොඩ ශ්‍රී රතනපාල ක.වි. |
|
පාසල භාරව කටයුතු කිරීම |
ජී.වී. හල්පොල මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1955 ඔක්තෝම්බර් 15 |